A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.

ඒකක භාර සමගින් ඔබේ මුල්‍ය අනාගතය ගොඩනගා ගන්න

වඩාත් පහසු සහ ස්මාර්ට් ආයෝජන ක්‍රමයක්. රු. 1,000 ක් වැනි ඉතා සුළු මුදලක් සහ වෘත්තීය විශේෂඥන්ගේ මගපෙන්වීම සමගින් විවිධාංගීකරණය වූ ආයෝජන පදනමක් ගොඩනගා ගන්න.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.

ඒකක භාරයක් යනු කුමක්ද?

ඒකක භාරයක් යනු, වෙනත් ආයෝජකයින් සමග ඔබගේ මුදල් ද එක්කර ගත හැකි ස්මාර්ට් ක්‍රමයකි. උදාහරණයක් ලෙස, ඔබටම කියා විශාල ගොඩනැගිල්ලක් වැනි සම්පූර්ණ වත්කමක් මිලදී ගැනීමෙන් තොරව, ඔබත් තවත් බොහෝ පිරිසකුත් මධ්‍යගත අරමුදලකට මුදල් ආයෝජනය කර මෙම ගොඩනැගිල්ල මිලදී ගත හැකිය. ඒ අයුරින්ම, වෘත්තීය අරමුදල් කළමනාකරුවෙකු එකතු වූ මුදල්, කොටස් හෝ භාණ්ඩාගාර බිල්පත් වැනි විවිධ වත්කම් මිලදී ගැනීමට යොදවයි.

ඔබ දන්නවාද? මෙම වත්කම්වල අගය වැඩිවන විට ඔබගේ ආයෝජනය ද වැඩි වේ. මෙය, ඔබට තනිවම ළඟාකර ගැනීමට අපහසු විශාල සහ වඩාත් ඵලදායී ආයෝජනයකි.

ඒකක භාරයක් යනු හොඳ ආයෝජනයක්ද?

දිගුකාලීන ඉලක්ක සඳහා, ඒකක භාරයක් ඉතා හොඳ ආයෝජනයක් විය හැකිය.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A repeating pattern of interlocking red and teal curved U-shaped lines forming a wave-like design.
A woman reading an article with the headline "IS UNIT TRUST A GOOD INVESTMENT."
විවිධාංගීකරණය වූ සුරක්ෂිත ආයෝජනයක්
අපි ඔබේ මුදල් විවිධ වත්කම් තුළ ආයෝජනය කරන්නෙමු. එමගින් තනි ආයෝජනයකදී මෙන් නොව, අවදානම අඩුකර වඩාත් ස්ථාවර ප්‍රතිලාභ හිමිකර දෙයි.
වෘත්තීය ලෙස කළමනාකරණය කෙරේ
ඔබ මුල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෙකු වීම අවශ්‍ය නැත. ඔබේ ආයෝජනය කළමනාකරණය කරනුයේ, පර්යේෂණ සහ වඩාත් සුදුසුම අවස්ථා හඳුනා ගැනීම සඳහා කාලය වැයකරන සුදුසුකම්ලත් වෘත්තිකයින් විසිනි. අපහසුම කාර්යය ඔවුන් සිදුකරන බැවින්, ඔබ ඒ පිළිබඳ කල්පනා කිරීම අවශ්‍ය නොවේ.
ඓතිහාසිකව එය වඩාත් ඵලදායකය
වෙළෙඳපොළ යනු උච්ඡාවචනයවන දෙයක් වුවත්, දිගුකාලීනව මෙවැනි ආයෝජන උද්ධමනය සහ සම්ප්‍රදායික බැංකු පොළී අනුපාත අභිබවා යයි.

ඒකක භාරවල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ

ඒකක භාරවල ප්‍රතිලාභ සැලකීමේදී එය ධනය ගොඩනැගීම සඳහා ඇති ශක්තිමත් ආයෝජන ක්‍රමයකි.
A young woman intently reading a book titled "The Benefits of Unit Trust Investing."

ආරම්භ කිරීම සඳහා ඔබට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඔබට රු. 1,000 ක් වැනි ඉතා සුළු මුදලකින් ආයෝජනය ඇරඹිය හැකි අතර, එමගින් වෘත්තීය ලෙස විවිධාංගීකරණය වූ වත්කම් පදනමකට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. වෙනත් ආකාරයකින් එවැනිම ආයෝජන ප්‍රවේශයක් ලබා ගැනීම මිල අධික ක්‍රියාවලියක්වනු ඇත.

සමහර ආයෝජන මෙන් නොව, ඔබට අමතර මුදලක් ලැබෙන ඕනෑම මොහොතක ඒකක භාරයට තවත් මුදල් එකතු කළ හැකිය. ඔබට ඔබගේ අරමුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය නම්, කිසිඳු අපහසුතාවයකින් තොරව ඔබට එසේ කළ හැකිය.

පැය ගණන් වෙහෙසී වෙළෙඳපොළ දත්ත විශ්ලේෂණය කිරීම තවදුරටත් අවශ්‍ය නැත. වෘත්තීය අරමුදල් කළමනාකරුවන් පිරිසක් සියලු පර්යේෂණ සහ ක්‍රමෝපාය පිළිබඳ වගකීම දරන බැවින් ඔබට වෙනත් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නිදහස හිමි වේ.

ඔබගේ මුදල් වර්ධනයවන ආකාරය දැකගන්න ඔබ සූදානම්ද? අදම ගිණුමක් අරඹන්න

ඔබට රු. 1,000 ක් වැනි ඉතා සුළු මුදලකින් ආරම්භකර කල්ගත වීමේදී එයට මුදල් එක්කළ හැකිය. වඩාත් ඉහළ ප්‍රතිඵල සඳහා මෙය දිගුකාලීන ආයෝජනයක් ලෙස සිතා ඔබගේ දෛනික වියදම් සඳහා අවශ්‍ය නොවන මුදල් මේ සඳහා යොදවන්න.