ඒකක භාරයක් යනු, වෙනත් ආයෝජකයින් සමග ඔබගේ මුදල් ද එක්කර ගත හැකි ස්මාර්ට් ක්රමයකි. උදාහරණයක් ලෙස, ඔබටම කියා විශාල ගොඩනැගිල්ලක් වැනි සම්පූර්ණ වත්කමක් මිලදී ගැනීමෙන් තොරව, ඔබත් තවත් බොහෝ පිරිසකුත් මධ්‍යගත අරමුදලකට මුදල් ආයෝජනය කර මෙම ගොඩනැගිල්ල මිලදී ගත හැකිය. ඒ අයුරින්ම, වෘත්තීය අරමුදල් කළමනාකරුවෙකු එකතු වූ මුදල්, කොටස් හෝ භාණ්ඩාගාර බිල්පත් වැනි විවිධ වත්කම් මිලදී ගැනීමට යොදවයි.
ඔබ දන්නවාද? මෙම වත්කම්වල අගය වැඩිවන විට ඔබගේ ආයෝජනය ද වැඩි වේ. මෙය, ඔබට තනිවම ළඟාකර ගැනීමට අපහසු විශාල සහ වඩාත් ඵලදායී ආයෝජනයකි.
ආරම්භ කිරීම සඳහා ඔබට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඔබට රු. 1,000 ක් වැනි ඉතා සුළු මුදලකින් ආයෝජනය ඇරඹිය හැකි අතර, එමගින් වෘත්තීය ලෙස විවිධාංගීකරණය වූ වත්කම් පදනමකට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. වෙනත් ආකාරයකින් එවැනිම ආයෝජන ප්‍රවේශයක් ලබා ගැනීම මිල අධික ක්රියාවලියක්වනු ඇත.
සමහර ආයෝජන මෙන් නොව, ඔබට අමතර මුදලක් ලැබෙන ඕනෑම මොහොතක ඒකක භාරයට තවත් මුදල් එකතු කළ හැකිය. ඔබට ඔබගේ අරමුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය නම්, කිසිඳු අපහසුතාවයකින් තොරව ඔබට එසේ කළ හැකිය.
පැය ගණන් වෙහෙසී වෙළෙඳපොළ දත්ත විශ්ලේෂණය කිරීම තවදුරටත් අවශ්‍ය නැත. වෘත්තීය අරමුදල් කළමනාකරුවන් පිරිසක් සියලු පර්යේෂණ සහ ක්‍රමෝපාය පිළිබඳ වගකීම දරන බැවින් ඔබට වෙනත් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නිදහස හිමි වේ.